මගීන් 163 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්වයි.

By krishani Mar 13, 2023 09:20 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඉන්දීය පෞද්ගලික ගුවන් සමාගමකට අයත් මගී ගුවන් යානයක් පාකිස්ථානයට ගොඩබෑමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ එහි ගමන් ගත් මගියකු මිය යාම හේතුවෙන් ය.

දිල්ලි සිට දෝහා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස ගොඩ බස්වා ඇත්තේ.

එහි මිය ගිය පුද්ගලයා නයිජීරියානු ජාතිකයෙක් වන අතර 60 හැවිරිදි මෙම පුද්ගලයාට ගමන මැදදී අසනීප වී ඇත.

ඉන් පසුව යානයේ කපිතාන්වරයා විසින් කරච්චි ගුවන් ගමන් පාලක අංශය අමතා වෛද්‍යවරයෙකු සහ ගිලන් රථයක් ඉල්ලා ඇති අතර කරච්චිහි ජින්නා පර්යන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපළට යානය ගොඩ බැස්සවීමෙන් පසු පරීක්‍ෂා කිරීමේ දී ගුවන් තොටුපළේ වෛද්‍ය කණ්ඩායම විසින් මගියා මියගොස් ඇති බව තහවුරු කරගෙන ඇත.

මගීන් 163 දෙනෙකු සමග ගුවන් යානය පැය හතරකට පසුව ගමනාන්තය බලා පිටත් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.