මර්සඩිස් බෙන්ස් වලට ඉදිරියේදී කරන්න යන අමුතු වැඩේ.
මර්සිඩිස් සමාගම විසින් ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කරන ලද EQS 580 ලෙසින් නම් කළ විද්‍යුත් මෝටර් රථය (EV) පසුගියදා ඉන්දියාවේදී එළි දැක්වූවා.
එය ප්‍රමුඛතම මර්සිඩිස් මෝටර් රථ වර්ගයක් වන S-Class sedanහි ප්‍රභේදයකි.
එමෙන්ම ඉදිරි වසර 8-10 තුළ මෙම මෝටර් රථ කාණ්ඩය සම්පූර්ණයෙන්ම විද්‍යුත්කරණය කිරීමට මර්සඩිස් සමාගම සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව නිෂ්පාදන ඉලක්ක සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණහොත් වාර්ෂිකව මෝටර් රථ 200,000කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැකි බවයි මර්සඩිස් බෙන්ස් ආයතනයේ ඉන්දියානු ප්‍රධානි මාර්ටින් ශ්වෙන්ක් පවසන්නේ.
මීට අමතරව ලෝකය පුරා සුඛෝපභෝගී මර්සඩිස් බෙන්ස් (Mercedes-Benz) මෝටර් රථ බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට ඉන්දියාව පත්කිරීමට එම සමාගම සූදානම් වෙනවා.
මාර්ටින් ශ්වෙන්ක් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉලක්කය වෙනුවෙන් යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම 2023 අවසානය වන විට සාර්ථක කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මෙම වසරේදී ඉන්දියාව සහ යුරෝපා සංගමය ද්විපාර්ශ්වික සබඳතාවල 60 වැනි වසර සමරනු ලබන අතර, දෙපාර්ශවය අතර වෙළඳ, ආයෝජන සහ භූගෝලීය දර්ශක ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |