ගුවන් නියමු වැඩවර්ජනයක් - ගුවන් ගමන් රැසක් අවලංගුයි?.. (විදෙස්)

By krishani Nov 04, 2022 08:40 AM GMT
Report

කෙන්යා ගුවන් සමාගමේ නියමුවන් හෙට (05) දිනයේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව වාර්තා වේ.

පාලනාධිකාරිය විසින් ගුවන් නියමුවන්ගේ විශ්‍රාම වැටුප් දායක මුදල් සහ හිඟ වැටුප් පියවීම පිළිබඳව වන ගැටළුවලට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ය.

ගුවන් නියමුවන් 400කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන කෙන්යාවේ ගුවන් නියමුවන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ප්‍රකාශයට පත් කර ඇත.

වර්ජනය හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමන් රැසක් අවලංගු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join