ප්‍රථම වරට කිම් ජොං අන් සිය දියණිය සමඟ සිටින ඡායාරූපයක් එළියට. (PHOTOS)

Kim Jong Un
By Wayomi Nov 19, 2022 08:55 AM GMT
Wayomi

Wayomi

in එතෙර
Report

උතුරු කොරියාව විසින් අවසන් වරට අත්හදා බැලූ දිගු මිසයිලයට දියත් කිරීමේ අවස්ථාවට බැලීමට නායක කිම් ජොං අන් සිය කුඩා දියණිය සමඟ පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය කිම් චු ඒ නම් ඇය ගැන සඳහන් කිරීම හෝ ඇයගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙයයි.

කිම් ජොං අන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව වැඩි තොරතුරු මාධ්‍ය විසින් සඳහන් කරන්නේ නැත.

ඔහු 2009 වසරේදී හිටපු ගායිකාවක් රි සොල් ජු සමඟ විවාහ වූ අතර, ඔවුන්ට දරුවන් තුන්දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGalleryGallery