වතුරට වැටුණු දුරකථනය ගැනීමට ජලාශයක් හිස්කළ නිලධාරියාගේ වැඩ තහනම්..!
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ජලාශයකට වැටුණු සිය ජංගම දුරකථනය ආපසු ලබාගැනීමට ජලාශය හිස් කරදැමීමට පුද්ගලයෙකු කටයුතු කර ඇති බවයි. රාජේෂ් විශ්වා නම් මෙම පුද්ගලයා එරට ආහාර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අයෙකි.
ඔහු දින තුනක් පුරා සිය ජංගම දුරකථනය ලබාගැනීම වෙනුවෙන් ජලය ඉවත් කර ඇත්තේ ඩීසල් පොම්ප දෙකක් යොදා ගනිමිනි. වාරිමාර්ග නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් එම ස්ථානයට පැමිණෙන විටත් ඔහු ජලය ලීටර් ලක්ෂ 21ක් ජලාශයෙන් ඉවත් කර තිබුණි.
ඔහු ඉවත් කර ඇති ජල ප්‍රමාණය ඉන්දියාවේ වගා භූමි අක්කර 1,500 කට ප්‍රමාණවත් තරම් වන බවද සඳහන් ය.
ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ අත්‍යවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා ඔහු දුරකථනය ලබාගැනීමට උත්සාහ කළ බවත් ඒ සඳහා ඔහුට ඉහළ නිලධාරීන්ගේ සහාය හිමිවූ බවත් ඔහු පවසා තිබේ. කෙසේ වුවද මේ වනවිට ඔහුගේ වැඩ තහනමකට ලක් කර ඇති බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |