මහරගම පිහි ඇනුමකින් අයෙක්ට බරපතලයි..සැකකරු එම මොහොතේදීම අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Jun 30, 2024 02:32 AM GMT
Report

මහරගම මහජන පොළ ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

මහරගම මහජන පොළ ඉදිරිපිට පදික වේදිකාවේ ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී ඊයේ (29) දින පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු හට පිහි ඇනුමක් සිදු කරනු බවට නිරීක්ෂණය වීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට එම පිහි ඇනුම සිදු කරනු ලැබු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .

එහිදී දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් ප්‍රථිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කරන ලදී .

ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS)

ඇඟ කිලිපොලා යන බිහිසුණු අනතුරෙන් පවුලක් රොහලට..(PHOTOS)

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු පරීක්‍ෂා කිරිමේදී සැකකරු සන්තකයේ තිබි මත්කරල්, ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක් හා පිහි ඇනුම සඳහා යොදාගත් පිහියද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ .

ඉන්දීය ප්‍රේක්ෂකයින් හඬවමින් විරාට් කෝලී ඊයෙ රෑ ගත් තීරණය මෙන්න..හෙළි නොකළ රහසක් කියයි..

ඉන්දීය ප්‍රේක්ෂකයින් හඬවමින් විරාට් කෝලී ඊයෙ රෑ ගත් තීරණය මෙන්න..හෙළි නොකළ රහසක් කියයි..

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරන ලද්දේ .