SPA එක්ක තුළ පුද්ගලයෙක් හදිසියේම මියයයි.
Sri Lanka Police
Death
By Wayomi
අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, බොරලැස්ගමුව දෙහිවල - මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථානයකදී.
එලෙස මියගොස් ඇත්තේ,52 හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ, මෙම පුද්ගලයාට ඇති වු හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට සැක කරන බවයි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.