කොවිඩ් වැළදීමෙන් මියගිය පුද්ගලයෙක් අවුරුදු දෙකකට පසු ගෙදර ඇවිත්..
COVID-19
India
By krishani
කොවිඩ් වැළදීමෙන් ඉන්දියාවේ ගුජරාට් රෝහලේ දී මිය ගිය බව කියන පුද්ගලයෙකු වසර 2 කට පසු මධ්‍ය ප්‍රදේශ්හි ධාර් දිස්ත්‍රික්කයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඔහුව 2021 වසරේ දී රෝහල් ගත කර ඇති අතර පසුව වෛද්‍යවරු ඔහු මිය ගිය බව පවසා ඇත.
පසුව රෝහල විසින් මෘත ශරීරය, ඔහුගේ ඥාතීන්ට භාර දීමෙන් පසු පවුලේ සාමාජිකයන් විසින් අවසන් කටයුතු සිදු කර ඇත.
35 හැවිරිදි කමලේෂ් පටිදාර් නැමැති ඔහුගේ අවසන් කටයුතු සිදු කර වසර දෙකකට පමණ පසු මෙලෙස ඔහු පැමිණ ඇත්තේ.
ඒ පෙරේදා (15) උදෑසන 6 ට පමණ කරෝද්කාල ගම්මානයේ පිහිටි ඔහුගේ මවගේ නැන්දණියගේ නිවසට ය.
ඔහු පැමිණ දොරට තට්ටු කළ විට ඔවුන් පුදුමයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |