අධික උණුසුමින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!මෙරටින් ඇසෙන අධි සංවේදී පුවත..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Mar 22, 2024 03:13 PM GMT
Report

අධික උණුසුම් කාලගුණික තත්ත්වය අතරතුර පුද්ගලයෙක් බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වනවා. මෙම පුද්ගලයා ඊයේ (21) දහවල් පාපැදියක් තල්ලුකරමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇද වැටී තිබේ.

අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 72 හැවිරිදි සිව්දරු පියෙක්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙරටට බලපා ඇති එල්නීනෝ තත්ත්වයත් සමඟ සිරුරට දැනෙන උණුසුම පවතින්නේ ඉහළ මට්ටමකය.සෞඛ්‍ය අංශ පසුගිය කාලය පුරා අධික උණුසුමින් ආරක්ෂා වන ලෙස ජනතාවට අනතුරු ඇඟවීය.

මේ අතර ඊයේ (21) සිට දින ගණනක් පැවති වියළි කාලගුණය නිමාකරමින් ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලෙන අතර අද (22) පස්වරුවේ කොළඹට ධාරාණිපාත වැසි ඇදහැලුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර මහඔය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 133.5කි.ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ,  මෙරටට බලපැවැත්වුණු වියළි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර රැසක ජල මට්ටම පහළ බැස ඇති බවය.

ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට ජලය සැපයීමට සිදුව ඇත්තේ මුර ක්‍රමයකටයි. කළුතර,කුරුණෑගල,මහනුවර, මාතලේ, නුවරඑළිය, මාතර, මොනරාගල සහ රත්නපුර ආදී ප්‍රදේශ 25කට මේ වන විට මුර ක්‍රමයක් යටතේ ජලය සැපයේ.

නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම වැසි සහිත තත්ත්වය දින පහක් පමණ පැවතී යළි උණුසුම් තත්ත්වය වර්ධනය විය හැකි බවයි.