මනමාළ වැවේ ඇලට වැටුනු පුද්ගලයෙකුට සිදුවු දේ
accident
Anuradhapura
Aranaganvila
Manamala lake
By Sewvandhi
අරලගංවිල, මනමාළ වැව අසල ඇලට වැටී පුද්ගලයෙකු අද (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද (05) අලුයම් කාලයේ ඇලට වැටී සිටි පුද්ගලයෙකු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 64 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා අරලගංවිල, 10 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |