රෝගියෙකු ප්‍රධාහන රෝහලක උඩුමහලින් බිමට වැටී ජීවිතක්ෂයට
Sri Lanka Police
Sri Lanka
By Sithumi
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු එහි දෙවැනි මහලෙන් බිමට ඇද වැටී අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, මීරියගල්ල පදිංචි වයස අවුරුදු 59 පුද්ගලයෙක්. මොහු ඉකුත් 29 දා කිසියම් කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ ඇති බවත් එහි දී ඔහුව නේවාසිකව ප්‍රථිකාර සඳහා රෝහලෙහි නවත්වා ගෙන තිබෙනවා.
ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අළුයම 5ට පමණ එම ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට පැන අනතුරට පත් වූ අදාල තැනැත්තා රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශය මැදිහත්ව වාට්ටුවකට ඇතුළත් කොට තිබෙනවා.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |