මගී ගුවන් යානයක් විලකට කඩා වැටෙයි - 19ක් ජිවිතක්ෂයට..
ටැන්සානියානු මගී ගුවන් යානයක් වයඹ දිග බුකෝබා නගරයට යාබද වික්ටෝරියා විලට කඩා වැටී එම අනතුරෙන් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පවසයි.
Precision Air ගුවන් යානය ටැන්සානියාවේ විශාලතම නගරය වන Das es Salaam සිට Mwanza හරහා Bukoba වෙත යමින් සිටියදී කුණාටුවක් සහ අධික වර්ෂාවකට මුහුණ දී ඇත. ප්‍රෙසිෂන් එයාර් යනු ටැන්සානියාවේ පුද්ගලික සතු විශාලතම ගුවන් සේවයයි.
කෙසේවෙතත් අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අදාළ ගුවන්යානය බුකෝබා නගරයේ පිහිටි ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට යාමේ දී මෙම අනතුරට ලක්ව තිබුණි.
ගුවන්යානයේ සිටි මගීන් 26දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර යානයේ මගීන් කොපමණ සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |