කොවිඩ් නිසා අසරණ වූවන්ගේ කුලී නිවසේ වහලය ගලවාගෙන ගිය අයිතිකරු..(VIDEO)

covid19 Maharagama Navinna Dhevananda house roof
By Sewvandhi Jan 26, 2022 01:36 PM GMT
Report

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරුවන් විසින් එහි වහලය ගලවාගෙන ගිය පුවතක් වාර්තා වෙයි. මෙම සිදුවීම වී ඇත්තේ මහරගම, නාවින්න දේවානන්ද මාර්ගයේ නිවසකය.

අදාළ පුද්ගලයන් වසර 9ක සිට එම නිවසේ කුලී පදනම මත පදිංචි වී සිට ඇත. කෙසේ වෙතත් පසුගිය වසරේදී නිවසේ අයිතිකරු විසින් නිවසෙන් පිටව යන ලෙස ඔවුන්ට දැනුම්දී තිබේ.

නමුත් කුලී පදිංචිකරුවන් පවසන්නේ රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම කාලයේදී රට වසා දැමීමත් සමඟ ඔවුන්ට නිවසින් පිටව යාමට නොහැකි වූ බවය. පසුව නිවෙස් හිමියා පැමිණ කුලී නිවැසියන් සිටියදී අදාළ නිවසේ වහලය ගලවා දමා තිබේ.

කෙසේ වෙතත් වහලය ගලවා දැමීම නිසා නිවස තුළ තිබී බඩු සියල්ල වර්ෂාවට තෙමී විනාශ වී ඇති අතර එහි වෙසෙන පිලිකා රෝගී වයෝවෘද්ධ මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now