කාන්තාවන් භාවිතා කරන සනීපාරක්ෂක තුවා සම්බන්ධව දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Sri Lanka Economy of Sri Lanka
By Aruna Mar 12, 2024 04:25 AM GMT
Report

මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක් ම රට තුළම නිපදවන බවත්, ඒ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

ආනයනික ඉතිරි 8%ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් මෙරටට ගෙන එන අතර, ඒ සඳහා අය කරන්නේ ද%ක බදු මුදලක් පමණක් බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වරාය සහ ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ සෙස් බද්ද යන සියළු බදු මෙම 22.5 % කට ඇතුළත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම බදු ප්‍රමාණය අය කරන්නේ ද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, තල්දූව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බව ද පසුගිය දා මාධ්‍ය වාර්තා කළා.

එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ, සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.