රජයේ විභාගයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ තීරණයක් - සියලුම විදුහල්පතිවරුන්ට වහාම දන්වයි.. (UPDATE)
UPDATE :-
දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එම දිනවලදීම 2025 උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්නම් ඔවුන්ට එම සම්මුඛ පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ය.
ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ එම දිනවල ඇතැම් පාසල්වල උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවට ලද තොරතුරුවලට අනුව එවැනි සිසුන්ට අගතියක් නොවන ලෙස එම සම්මුඛ පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාදෙන දැනුම් දී ඇති බවයි.
--------------------------------------------
රජයේ විභාගයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සම්බන්ධයෙන් ය.
ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත් වේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර නොලද අපේක්ෂකයින්, දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස පහත සඳහන් සබැඳිය හරහා ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැකි ය.
https://apps.exams.gov.lk/principals/admissions