උසස් පෙළ ලියූ සියලුම සිසුන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්..අදම මේදේ කරන්න.

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination Education
By Aruna Mar 05, 2024 08:04 AM GMT
Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර සිට අවධාරණය කර සිටියා.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 2.00 ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසයි, අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කළේ.

අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව හිමිවන බවයි.

දිවයින පුරා සියලුම පාසල් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න..

දිවයින පුරා සියලුම පාසල් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න..