සාදයට ගිය අගමැතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලපෑම්..විශ්වාස භංගයට 54ක් අත්සන් තබයි.

Political British Prim minister World news
By Aruna Jan 13, 2022 03:35 AM GMT
Report

ලොක්ඩවුන් නීති කඩ කරමින් සාදයකට සහභාගී වූ බවට තහවුරු වීමත් සමග ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එල්ලවන බලපෑම ඉහළ ගොස් තිබෙනවා.

පාලක කොන්සර්වටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ඔහුට දැනුම්දී ඇත්තේ අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවයි.

2020 වසරේ පැවති සාදයකට ලොක්ඩවුන් නීති උල්ලංඝනය කරමින් තමන් සහභාගී වූ බව අගමැති බොරිස් ජොන්සන් ඊයේ පිළිගත්තා.

ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේවෙතත් අගමැති ජොන්සන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් ඇතුලු පිරිසක් අවධාරණය කරන්නේ.

මේ අතර බොරිස් ජොන්සන් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් කොන්සර්වටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමේ සූදානමක්ද පවතිනවා.

පසුපෙළ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු එම ලිපියට අත්සන් තැබුවහොත් එය නායකත්ව අභියෝගයක් ලෙසටයි සැළකෙන බවයි විදෙස් මාධ්‍ය පෙවා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now