භුමිකම්පනයෙන් උපත ලද සිරියාවේ 'අයා'ට ලැබුණු අලුත් දෙමව්පියන්. (VIDEO)
Turkey Earthquake
By Wayomi
පසුගියදා සිදු වූ ප්‍රබල භුමිකම්පාවෙන් සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට උපත ලබා සිටිය දී සොයාගනු ලැබූ බිළිඳිය ඇගේ නැන්දා සහ මාමා විසින් හදාවඩා ගැනීමට භාරගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම අලුත උපන් බිළිඳිය දරුකමට හදාවඩා ගැනීම සඳහා දහස් ගණනක් දෙනා ඉදිරිපත් වුණා.
බිළිඳිය මුදාගන්නා මොහොතේදීත් ඇගේ පෙකණි වැල හරහා ඇගේ මියගිය මවට සම්බන්ධවී සිටියා.
අරාබි බසින් 'ආශ්චර්යය' යන අරුත දෙන 'අයා' නමින් බලධාරීන් ඇය මුලින් නම්කර තිබුණ ද, බිළිඳිය දැන් ඇගේ නැසීගිය මවගේ නම වූ 'අෆ්රා' නාමය දරන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |