පාසල් වලට ගුරුවරුන් බඳවා ගැනීමේදී අලුත් ක්‍රියාපටිපාටියක්..
ඉදිරි වසර 10 ඇතුළදී සෑම පාසලකම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමටත්, ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි අනිවාර්ය කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මාතර රාහුල විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් ඊයේ (25) දින පැවැති ‘රහල් සියවස් ප්‍රතාප’ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනුයි.
එමෙන්ම භූගෝලය සහ ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳව සියලු දෙනාට අවබෝධයක් තිබිය යුතු අතර උසස් පෙළ විෂයය ධාරාව පැවැත්වෙන සියලු පාසල් අන්තර්ජාලය සමග මුසුකිරීමටත් අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පැවැත්වෙන සියලු පාසල්වලට අන්තර්ජාලය ලබාදීමටත් කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
දේශගුණික විපර්යාස විෂයයක් බවට පත් කිරීමටත් ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී අධ්‍යාපනයේ නවීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රජය සූදානම් බවද ප්‍රකාශ කළා.
එමෙන්ම 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් 2035 වන විට රට තුළ නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |