සාමාන්‍ය පෙළ විභාගය විතරක් ලියලා විශ්වවිද්‍යාලයට යන්න රජයෙන් නව ක්‍රමවේදයක්.

Ministry of Education A D Susil Premajayantha Government Of Sri Lanka Education
By Wayomi Mar 06, 2024 06:26 AM GMT
Report

 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ (5) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියා.

ඒ, අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ ද මේ පිළිබඳ සඳහන් වී ඇති බවද, ඉදිරියේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත බව ද ඔහු එහිදී සඳහන් කළා.

මේ පිළිබඳ ප්‍රශ්නය මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ, පෞද්ගලික විශ්වවිද්‍යාල මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බව ද එම නිසා පාසල් දරුවෙකුට උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති කාලය කළමනාකරණය කරගත හැකි බවයි.