ලබන වසරේ නව අධ්‍යාපන පෙරළියක්. කලාප කාර්යාලත් වැඩිවෙයි.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Wayomi Oct 31, 2022 11:35 AM GMT
Report

ලබන වසරේ අධ්‍යාපන පරිවර්තනයක් සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදීයි.

මෙහිදී කොටස් 6කින් සමන්විත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ මුල්ම අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම ලබන වසරේ ජනවාරි මස වන විට ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, ඉදිරියේ දී දැනට තිබෙන කලාප කාර්යාල 100 සිට 120 දක්වා වැඩි කර ඒ යටතේ තිබෙන කොට්ඨාස 550ට අදාළව පාසල් මණ්ඩල (School Board) 550ක් ස්ථාපනය කිරීමට නියමිතයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,

“පාසල් දරුවන්ට සාමාන අධ්‍යාපන අවස්ථා 6 වන ශ්‍රේණියෙන් ඉහළට ඉංග්‍රීසී මාධ්‍ය, සිංහල දෙමළ වගේ ම, උසස් පෙළ විෂය ධාරා 4 තියෙන පාසල් සහ සම්පත් තියෙන පාසල් බවට ඒවා දැනටත් සමහරක් ඒවායේ තියෙනවා. නැති ඒවාට ලබා දීලා අපි ඒ හරහා පරිපාලනමය වශයෙන් වෙනස්කමකට භාජනය කරනවා.”  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW