වෙළඳාම් පහසු කිරීමට අලුත් මුදල් ඒකකයක්.

BRICS summit
By Wayomi Apr 05, 2023 11:13 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම බ්‍රික්ස් සංවිධානයට රටවල් අතරට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත අතර මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

රුසියානු - යුක්රේනය යුද ගැටුමත් සමඟ බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු - යුක්‍රේන යුද ගැටුම හේතුවෙන් සම්බාධක පැනවිමට ලක්ව ඇති රුසියාව මේ වනවිට සිය වෙළඳාම් සිදු කිරිම සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට චිනයේ යුවාන් මුදල් ඒකකය වැඩිවශයෙන් භාවිතා කර ඇති බවද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කර තිබෙනවා.

ඒ, අනුව රුසියානු ජනපති සහ චීන ජනපති හමුවු අවස්ථාවකදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව , ආසියානු රටවල් සහ ලතින් අමෙරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

පසුගිය වසරේ චිනය සහ රුසියාව අතර වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 190ක් වන අතර මේ සඳහා ගෙවීම් කරනු ලැබ ඇත්තේ රුසියානු සහ චීන මුදල් ඒකක වලින් වීම විශේෂත්වයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW