විද්‍යුත් මාධ්‍ය නියාමනයට අලුත් කොමිසමක්.
Sri Lanka
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Wayomi
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උපරිම අයුරින් සුරක්ෂිත කරමින් ප්‍රශස්ත මාධ්‍යකරණයක් තහවුරු කිරීම අරමුණු කරගනිමින්.
මීට පෙර විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වාදීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කර තිබුණා.
එහිදී යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු කවරේ ද යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කරන පත් කර, එමකමිටුව විසින් කෙටුම්පතක් සකස් කර ඇත.