කෘතීම රස මිශ්‍ර සුප් කැට වෙනුවට මෙන්න ස්වාභාවික රසකාරකයක්.
බබාට හදලා දෙන කෑම එක හෝ ගෙදර හදන කෑම රස කරන්න ඔබත් සුප් කැට, රසකාරක පැකට් එකතු කරනවද? ගොඩක් වෙලාවට ඉතින් නූඩ්ලස් ,පැස්තා,කොත්තු,රයිස්, චිකන් කරි, පරිප්පු හෝ වෙනත් ව්‍යංජන වර්ග හදද්දී ඒක රස කරන්න සුප් කැටයක් දානවනේ.
සමහරු නම් කියන්නේ ඉඳලා හිටලා තමයි සුප් කැට වගේ දේවල් පාවිච්චි කරන්නේ කියලා. හැබැයි ඔබ මතක තියාගත යුතුම කරුණක් තමයි කොච්චර සුන්දර විදහට commercial එක පෙන්නුවත්.. සුප් කැට, රසකාරක කියන්නෙම පිළිකාකාරකයක්. වෛද්‍යවරු පවා මේ දේවල් නුසුදුසු ආහාර විදිහටයි නිර්දේශ කරන්නේ.
ඉතින් මෙම පිළිකා කාරක සුප් කැට, රසකාරක පාවිච්චි කරන්නේ නැතිව ගෙදරදීම ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් රසකාරක පවුඩර් එකක් හදාගන්න පුළුවන්. මේ කියන්න යන්නේ කොහොමද ඒක හදාගන්න විදිහ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
🍲 පෙති කපා වේලා ගත් ඉඟුරු
🍲 පෙති කපා වේලා ගත් සුදුළූණු
🍲 කඩල පරිප්පු මිටක්
🍲 වියළි මිරිස් කරල් 4ක් 5ක්.
🍲 පෙරුම් කායම් කෑල්ලක්.
🍲 අවශ්‍ය ප්‍රමාණයට කරපිංචා.
සාදාගන්න ආකාරය
🍜 ඉඟුරු, සුදුළූනු ටික හොඳින් වේලා ගන්න.
🍜 කරපිංචා තෙත ගතිය නැතිවෙන්න හොඳින් පිහලා හෝ වේලා ගන්න .
🍜 මුලින්ම කබලක් ලිපේ තියලා පරිප්පු සහ පෙරුම් කායම් බැද ගන්න. (පෙරුම් කායම් තරමක කෑලි වන ආකාරයට කුඩු කරගන්න)
🍜 පසුව රන්වන් පාට වෙද්දී ඉඟුරු සුදුළූනු දාලා නැවත බදින්න.
🍜 ඊට පස්සේ වියළි මිරිස් කරල් දමා බැදෙන විට කරපිංචා කොල ටික දමා විනාඩි 4ක් බදින්න.
🍜 මේ ටික නිවෙන්න ඇරලා ග්‍රයින්ඩ් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |