ඉන්දීයාවට ආ අද්භූත වස්තුවක් නිසා වෙච්ච දෙයක්. - (VIDEO)

India World
By Wayomi Nov 20, 2023 05:17 AM GMT
Report

හිටිහැටියේ පැය ගණනාවකට ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හඅඩපණ වී තිබෙනවා.

ඒ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමටත්, ගුවන්තොටුපොළට ආ මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් NDTV පුවත් සේවය වාර්තා කර තිබෙනවා.