කැලෑවකින් හමු වූ අභිරහස් මළසිරුර.

Sri Lanka Police Mysterious Death
By Wayomi Mar 24, 2024 03:58 AM GMT
Report

ඊයේ (23) උදෑසන හපුතලේ, පිටපොළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ ළඳු කැලැවක සැකකටයුකු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා.

එලෙස මියගිස ඇත්තේ,බෝවත්ත, ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.