මෙතෙක් කිසිදා නොදුටු අද්භූත ආකාශ වස්තුවක්..ඉන් පෘථිවියට සිදුවන බලපෑම මෙන්න.

Weather World American A mysterious celestial object .
By Aruna Jan 28, 2022 05:58 AM GMT
Report

පෘථිවිය ඇතුළු අප සූර්ය ග්‍රහමණ්ඩලය පිහිටි තරු මඩුල්ල වන ක්‍ෂීරපථයේ මෙතෙක් කිසිදා නොදුටු අද්භූත ග්‍රහ වස්තුවක් පිළිබඳව තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

සුපර්නෝවා ලෙස හැඳින්වෙන දැවැන්ත තාරකාවක් බිඳී යාමෙන් ඇති වූ බවට සැළකෙන නිරන්තරයෙන් භ්‍රමණය වන මෙම ආකාශ වස්තුව දළ වශයෙන් පැයකට තුන් වරක් ශක්තිය මුදාලන බවයි වාර්තාවන්නේ.

එම ශක්තීන් ග්‍රහණය කරගැනීමට පෘථිවියේ තාරකා විද්‍යාඥයන් සමත්වී ඇති අතර, ඕස්ට්‍රේලියානු කර්ටින් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයන් සඳහන් කළේ, එය විස්මය දනවන අභ්‍යවකාශ වස්තුවක් බවයි.

එමඟින් පෘථිවියේ උත්තරධ්‍රැවය සහ දක්ෂිණධ්‍රැවය වෙත රේඩියෝ තරංග නිකුත් කරන අතර, එය, චක්‍රාකාරව සිදුවීම විශේෂත්වයක්.

එක් විද්‍යාඥයෙකු එය හැඳින්වූයේ ප්‍රදීපාගාර ආචරණයක් ලෙසයි.

අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 4200ක් ඈතින් පිහිටි මෙම ආකාශ වස්තුව නියුට්‍රෝන තාරකාවක් ලෙසද සැළකෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now