දෙදරු මවක් අබිරහස් ලෙස මරණයට. - සැකකාර සැමියා අතුරුදහන්.
ලුණුගල, කුඹුකන්ඔයේ දිය නෑමට ගිය දෙදරු මවක් අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි ලුණුගල පොලිසිය විසින් පවසයි.
ලුණුගල, ජනතාපුර, තුඹපිටියවත්ත පදිංචි 36 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.
ඇය ඊයේ (19) සවස 11 හැවිරිදි පුතා සමග නිවසට පහළින් ඇති කුඹක්කන් ඔයේ දියනෑමට ගොස් ඇති අතර අනතුරුව සිය දරුවාව දිය නෑවීමෙන් අනතුරුව ඔහුව නිවස වෙත පිටත්කර යවා ඇත.
ඉන් මද වේලාවකින් මව කෑ ගසන හඬ ඇසී 17 හැවිරිදි දියණිය එම ස්ථානයට යන අවස්ථාවේදී මව හිසේ ලේ ගලන තුවාල සහිතව දිය නාමින් සිටි ස්ථානයේ වැටී සිටිනු දැක ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, අදාල සිදුවීම අවස්ථාවේදී දැරිය විසින් ඇයගේ පියා එම ස්ථානයේ සිට දුව යනු දැක ඇති බවයි.
එලෙස පළාගිය සැකකාර සැමියා මේ වනවිට ප්රදේශයෙන් අතුරුදන්ව ඇති අතර, ඔහුව සොයා පොලිස් විමර්ශන ක්රියාත්මක බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
මෙම මරණය සැකකටයුතු මරණයක් සේ සළකා ලුණුගල පොලිසිය විසින් පස්සර මහේස්ත්රාත්වරයා වෙත කරුණු වාර්තාකිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා පැමිණ මූලික පරීක්ෂණය සිදුකර ඇත.
..................................................