මවක් අතුරුදන් - සිදු වුනේ කුමක්ද..?

police Thalangama Malabe Richway Arya Hospital CCTV ViDEO
By Sewvandhi Feb 05, 2022 03:56 AM GMT
Report

මාලඹේ - උතුරු තලංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තුන්දරු මවක් අතුරුදන් වීමේ පුවතක් වාර්තා වුණා.

ඥාතීන් සඳහන් කළේ අදාළ කාන්තාව පසුගිය 31 වනදා සිය දියණිය වෙනුවෙන් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සායනයකට ගිය අවස්ථාවේ සිට අතුරුදන්ව ඇති බවයි.

එදින ඊට පෙර අදාළ මව විසින් සිය දියණිය පෙර පාසලට රැගෙන ගොස් ඇති බව ද ඥාතීන් ප්‍රකාශ කළා.

අතුරුදන් වූ මවට වයස අවුරුදු තුන හමාරක ළදරුවෙකු සහ 10 සහ 12 යන වයස් වල පසුවන දරුවන් ද වනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මාලඹේ පොලීසිය සඳහන් කළේ පැමිණිල්ලට අදාළව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. සී. සී.ටී .වී දර්ශන ඔස්සේ එම විමර්ශන සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now