එක්දරු මව සිව්වන මහලෙන් ඇදවැටී ජීවිතක්ෂයට..!
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
නිවාස සංකීර්ණයක සිව්වන මහලෙන් ඇදවැටීමෙන් යක්කල බෝගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් මියගොස් තිබේ.
අදාළ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් මෙලෙස මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව සිය සැමියා සහ 7 හැවිරිදි වියේ පසුවන දියණිය සමග එහි කුළී පදනම මත පදිංචිව සිට ඇති බව වාර්තාවෙයි.
ඇයගේ සැමියා සහ මියගිය කාන්තාව සහ අතර නිරන්තරයෙන් ආරවුල් ඇතිව තිබෙන බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
බෙම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.