පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කාලා පලා ගිහින් - ඔබත් ආරක්ෂිත ද?..
Sri Lanka Police
Sri Lanka
By krishani
කළුතර - කටුකුරුන්ද හන්දිය ආසන්නයේ දී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව පවසමින් මාර්ගය අසල බස් රථය එනතුරු බලාසිටි පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබූ මුදල් කොල්ල කා පළාගොස් ඇත.
අදාළ පුද්ගලයා පා ගමනින් ගොස් කුරුඳු, ගම්මිරිස් අලෙවි කරන අයෙකු බව වාර්තා වේ.
ඔහු ඊයේ (16) කටුකුරුන්ද හන්දියේ බස් රථයක් එනතුරු රැඳී සිටියදී අදාළ කොල්ලය සිදුවී ඇත.
පසුව ඔහු මෙ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙන අතර ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |