ඉදිරියේදී අපරාධ පරීක්ෂණ ජංගම විද්‍යාගාරයකින්

Police spokesman Crime Branch Criminal Investigation Department Crime Deshabandu Tennakoon
By Dhananjaya Dec 15, 2023 12:06 PM GMT
Dhananjaya

Dhananjaya

in අපරාධ
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ සේවාව පුළුල් කිරීමේ අරමුණින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා වෝහාරික ජංගම විද්‍යාගාරයක් හඳුන්වාදීම සිදු විය.

ඉදිරියේදී අපරාධ පරීක්ෂණ ජංගම විද්‍යාගාරයකින් | A Mobile Laboratory For Criminal Investigations

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයෙන් සිදුවු සේවාව ඉතා කඩිනමින් අපරාධය සිදුවු ස්ථානයේ දීම ඉටුකර ගැනීමේ හැකියාව ලංකාවේ බරපතළ අපරාධ සිදුවන ස්ථානවලට මෙම රථය යොමු කිරීමෙන් ඉටුකර ගැනීමේ හැකියාව හිමිවන බව මෙහිදී අදහස් දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

දකුණූ ආසියාවේ මෙවැනි වෝහාරික ජංගම විද්‍යාගාරයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.මේ අතර වසර කිහිපයක් ක්‍රියාත්මක නොවූ පොලිස්පති සහන මැදිරිය ද අද යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව අපරාධ විසඳීමේ දී මෙම ක්‍රියාවලිය ඉතාම සාධනීය කටයුත්තක් ලෙස තමා හඳුන්වා දෙන බවත්, මෙමඟින් විශේෂයෙන් සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, සාහසික අපරාධ, විශාල පරිගණක අපරාධ හා මුල්‍ය වංචා වැනි දෑ විමර්ශනය කිරීමේ හැකියාව හිමිවන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

පොලිසිය විසින් හඳුන්වා දුන් අලුත් දුරකථන අංක

පොලිසිය විසින් හඳුන්වා දුන් අලුත් දුරකථන අංක