අතුරුදන්වූ 17 හැවිරිදි තරුණයෙක් වසර 8කට පසු බරපතළ ලෙස අපයෝජනයට ලක්ව හමුවෙයි..

United States of America Child Abuse Crime
By Sewvandhi Jul 04, 2023 02:10 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙ අවුරුදු 08කට පෙර අභිරහස් ලෙස අතුරුදන්ව සිටි තරුණයෙකු නැවත හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

එනම්, මීට වසර 08කට පෙර (2015 වර්ෂයේදී) අදාළ තරුණයා සිය නිවසේ සිට සුරතල් සුනඛයින් සමඟ ඇවිදීමට ගොස් සිටි අවස්ථාවක අතුරුදන් වූ බවට වාර්තාවී ඇත. අතුරුදන් වන විට ඔහු 17 හැවිරිදි වියේ පසුවී තිබෙනවා.

පසුගියදා මෙලෙස එම තරුණයා නැවත හමුවී ඇත්තේ පල්ලියක් ආසන්නයේ කැපුම් තුවාල සහිතව වැටී සිටියදීය. එම තරුණයාගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ තරුණයා බරපතළ ලෙස අපයෝජනයට ලක්ව ඇති බවය.

මේ වනවිට අදාළ තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඥාතීන් වැඩිදුරටත් පවසා ඇත්තේ එම තරුණයා මේ වනවිට හඳුනාගත නොහැකි මට්ටමට භාහිර ස්වරූපයෙන් වෙනස් වී ඇති බවය.

එසේම අදාළ තරුණයා තමන් වෙනත් නමකින් හඳුන්වන අතර ඔහු පවසා ඇත්තේ තමන් තවමත් 14 හැවිරිදි වියේ පසුවන බවය. කෙසේ වෙතත් ඔහුගේ ඥාතීන් පවසන්නේ එම තරුණයා මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන බවය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.