මෙම දරුවා නෙත ගැටුනහොත් වහාම දැනුම් දෙන්න...ඔහුට සිදු වූ දේ මෙන්න.(PHOTOS)

Police Accident Mathale Missing boy
By Aruna Feb 20, 2022 06:36 AM GMT
Report

මාතලේ කටුදෙණය වාරියපොල ප්‍රදේශයේ අවුරුදු 11ක් වයසැති ළමයකු දින කිහිපයක් තිස්සේ අතුරුදහන්ව ඇති බව ඔහුගේ දෙමාපියන් පවසයි.

අවසන් වරට ඇද ඇත්තේ අළුපාට ටීෂර්ට් එකක් සහ නිල්පාට ඩෙනිම් කලිසමක් බවද පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

ඉකුත් තේරු උත්සවය පැවති දින තේරු බැලිමට ගොස් පැමිණ නැවත තේරු බැලිමට ගොස් නිවසට පැමිණ නැති බවත් මේ පිළිබදව මාතලේ පොලිසියට පැමිණිලි සිදු කළ බවද ඔහුගේ දෙමාපියන් පවසනවා.

ඔහු පිළිබදව තොරතුරක් දන්නේ නම් ළඟම පොලිසියට හෝ වාරියපොල වසම භාර ග්‍රාම නිලධාරිනියගේ දුරකතන අංක 0707778940 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now