උතුරු කොරියාවට එරෙහිව ප්‍රබලයෝ තුනක් ගත් තීරණය.

United States of America Japan North Korea South Korea
By krishani Apr 18, 2023 10:26 AM GMT
Report

උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමට විරෝධය පළකරමින් ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව නාවික යුධ අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව දකුණු කොරියානු මුහුදු සීමාවේ ඊයේ (17) මෙම යුධ අභ්‍යාසය ආරම්භ කර ඇත.

කෙසේවෙතත්, මේ පිළිබඳව උතුරු කොරියාව පවසා ඇත්තේ යුධ අභ්‍යාසය, යුධමය තත්ත්වයකට පවතින පෙර සූදානමක් බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join