රට පුරා පාසල් සිසුන් ලක්ෂ 17කට සතුටුදායක ආරංචියක්..තව සතියකින් කරන්න යන දේ මෙන්න..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Feb 23, 2024 12:28 AM GMT
Report

දිවයින පුරා ඉගෙනුම ලබන ප්‍රාථමික අංශවල සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට එම ආහාර වේල ලබාදීමට නියමිත බවයි පැවසෙන්නේ.

උදෑසන 07.30 ට ආහාර වේල ළමයින්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රට පුරා පාසල් සිසුන් ලක්ෂ 17කට සතුටුදායක ආරංචියක්..තව සතියකින් කරන්න යන දේ මෙන්න.. | A Meal For School Students

මන්ද පෝෂණයට ගොදුරු දරුවන් සම්බන්ධයෙන් මෑත කාලීනව සෞඛ්‍ය අංශ කළ අනාවරණයන් පිළිබඳ සලකා බලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ඒ සඳහා රුපියල් බිලියන 16.6ක් වෙන්කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කළ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධීක්ෂණය කිරීමට නියමිත බවයි.