නගරාධිපතිවරයෙක් සුදු මංගල ඇඳුමකින් සැරසුණු කිඹුල් මනාලියක් සමග විවාහ වෙයි - මනාලියගෙ කටත් වහයි.. (PHOTOS)

By krishani Dec 21, 2022 02:27 AM GMT
Report

මෙක්සිකානු නගරාධිපතිවරයෙක් හත් හැවිරිදි කිඹුල් මනමාලියෙකු සමඟ විවාහ වූ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කා දෙනා අතරත් කතාබහකට ලක් වූ මාතෘකාවක් වී තිබෙනවා.

ඒ ඉපැරණි චාරිත්‍රානුකූලව මෙක්සිකානු නගරාධිපති Victor Hugo Sosa කිඹුලියක් සමඟ විවාහ වීමේ පුවතයි.

කිඹුල් මනමාලි සුදු මංගල ඇඳුමකින් සහ වෙනත් වර්ණවත් ඇඳුම් වලින් සැරසී සිට ඇති අතර කුඩා කුමරියක ලෙස හඳුන්වන කිඹුල් මනමාලි, මාතෘ භූමිය නියෝජනය කරන දේවතාවියක් ලෙස විශ්වාස කරයි.

නගරාධිපති සමඟ සිදු වූ කිඹුල් කුමරියගේ විවාහය සංකේතවත් කරන්නේ මිනිසුන් හා දිව්‍යමය එක්වීමක් විදියටයි.

මෙලෙස නගරාධිපති කිඹුලියක සමග සිදුවූ විවාහයට අදාල සමාජ මාධ්‍ය තුළ පැතිර යන ඡායා රූප පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


GalleryGalleryGalleryGalleryGallery