පරුෂ වචනයෙන් බනිමින්, වීඩියෝ කරමින්, පොලීසියට තර්ජනය කළ පුද්ගලයා..(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 07, 2022 11:05 AM GMT
Report

පොලිස් නිලධාරීන් දෙදෙනකුට  තර්ජනය කරමින් සිටින පුද්ගලයෙකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය සැරිසරනවා.රථවාහන රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මෙම සිද්ධිය සිදු වන්නේ .

අදාළ සිදුවීම නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී සිදුවූවක් බවට තොරතුරු වාර්තා විය.

එහිදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැනවදින මෙම පුද්ගලයා අදාළ නිලධාරීන්ගේ ඡායාරූපද ලබාගැනීම සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ අදාළ සිදුවීමට අදාළව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now