දුරකථනයෙන් හාද වූ පෙම්වතියව කන්දකට රැගෙන ගොස් කරපු අමුතු වැඩේ..
Galle
Karapitiya Hospital
Baddegama
Kotigala Kanda
By Sewvandhi
ජංගම දුරකථන ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු සමග ඇති කරගත් මිතුදමක් මත කාන්තාවක කන්දකට කැටුව ගොස් අනතුරුව ඇයව කොල්ලකා කන්දෙන් පහළ පතලකට තල්ලු කරදැමූ සිද්ධියක් බද්දෙගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
බද්දේගම වතු යායේ කොටිගලකන්ද කොටසේ ඇවිද ගිය පුද්ගලයන් පිරිසකට එම ප්‍රදේශයේ අතහැර දමන ලද අඩි 40ක් ගැඹුරු මිණිරන් පතලකින් කාන්තාවක් කෙදිරිගාමින් සිටිනු දැක ඇති අතර පසුව පොලීසිය පැමිණි ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව කාන්තාව ගොඩටගෙන වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුව රෝහලේදී ඇයගෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබුනේ ජංගම දුරකථනය ඔස්සේ හදුනාගත් පුද්ගලයෙකු සමග අම්පෙගම කන්ද නැග එති බවයි.
පසුව එම පුද්ගලයා තමාගේ හැඳුනුම්පත සහ ජංගම දුරකථනය උදුරාගෙන ඒවාට හානි කර තමාට බෝතලයකින් පහරදී පපුවට පයින්ප හරක් එල්ල කළ බවත් ඒ සමගම පතලට වැටුණු බවත් ඇය පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |