මහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මිය යයි - ඇද වැටෙන අයුරු කැමරා කාචයක සටහන් වෙයි..භයානක දර්ශනය මෙන්න..(CCTV VIDEO).
By Sewvandhi
මහල් 3කින් සමන්විත ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් සේවකයෙකු ඇදවැටෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.
එම පුද්ගලයා එහි ඉදිකිරීම් කටයුත්තක නිරතවෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.
මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබුණේ කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදී වන අතර තුවාලකරුව කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
එලෙස මියගොස් තිබුණේ 47 හැවිරිදි දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.