පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මරුට..

police crime benthota Maradhana
By Sewvandhi Feb 22, 2022 06:46 AM GMT
Report

මරදාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි මහල් 15කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා ගොඩනැගිල්ලේ 10 වන මහලෙන් එලෙස ඇදවැටී ඇතැයි වාර්තා වේ.

ඔහු එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු බව මරදාන පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ අතර,බෙන්තොට වෙරළ තීරයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව අද (22) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයා අවුරුදු 40ත්, 45ත් අතර වයසේ පසුවන බවයි පොලීසිය සදහන් කළේ.

වෙරළ තීරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක මෙම ත්‍රිරෝද රථය නවතා තිබූ බව පොලීසිය කියා සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now