බල්ලෙකුගේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි.

By Wayomi Jan 25, 2023 09:13 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

බල්ලෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගිය පුවතක් පසුගිය 21 වැනිදා වාර්තා වෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, දඩයම් කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයා ඔහුගේ ගිනි අවිය අනාරක්ෂිතව ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී තිබෙනවා.

පසුව වෙඩි තැබීම සිදුකළ බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි කන්සාස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කරන්නේ.

එම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත් පොලිසිය පවසනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW