ලොවම කළඹවමින් රොබෝවරයකු ගේ බිහිසුණු පහර දීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට..!

South Korea
By Sewvandhi Nov 09, 2023 02:44 AM GMT
Report

දකුණු කොරියාවේ සමාගම් සේවකයකු රොබෝ යන්ත්‍රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත් ව තිබේ.රොබෝවරයා විසින් ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන මෙම පුද්ගලයාට පහර දී ඇත.

මෙම පුද්ගලයා, රොබෝ යන්ත්‍රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම සිද්ධිය සිදු ව තිබේ.මොහු 40 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත්තේ, රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇතත් පසු ව ඔහු ජීවිතක්ෂයට පත් වී තිබේ. රොබෝ යන්ත්‍රයට නියමිත රාජකාරිය වී ඇත්තේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමය.

නොවැම්බර් 08 වැනිදා දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා රොබෝවරයා පරීක්ෂා කිරීම මිය ගිය සේවකයා විසින් සිදු කරනු ලැබ තිබේ. පොලීසිය වාර්තා කරන්නේ, පරීක්ෂණ ධාවනයට පෙර සේවකයා, රොබෝවරයා ගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බවයි.

මේ ආකාරයට මාර්තු මාසයේ ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටිය දී 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයකු රොබෝවරයෙකුට හසු වීමෙන් බරපතළ තුවාල ලැබීය.