හදිසි පිපිරීමකින් පුද්ගලයෙකු අවසනාවන්ත ලෙස මිය යයි..
By Sithumi
මහනුවර ප්‍රදේශයේ පිහිට ප්‍රසිද්ධ හෝටලයක අද (04) දහවල් සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එම හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටින අතරතුරදී එම පිපිරීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.
හෝටලයේ ඉහළ මහලේ භෝජනාගාරයේ පිහිටි කොටසේ එම පිපිරුම සිදුව ඇත.
අදාළ පිපිරීමෙන් මියගොස් ඇත්තේ, මාතලේ, ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාර්මිකයෙකු බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |