බාලවයස්කාර දැරියක් ගණිකාවක් ලෙස යෙදවු පුද්ගලයෙකුට සිදු වූ දේ - වසර 18ක් පුරා ගණිකා ජාවාරමේ යෙදුණු බව හෙළිවෙයි
බාල වයස්කාර දැරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, 2021.06.28 වන දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට එම පැමිණිල්ල ලැබුණු බවය.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී දැරිය ගණිකා වෘත්තියේ යෙදවීම හා ඊට ආධාර අනුබල දීම මඟින් මුදල් උපයා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ. අදාළ දැරිය අවුරුදු 15යි මාස 9ක් වන බව සඳහන්ය.
අදාළ බාලවයස්කාර දැරිය කුට්ටනය කිරීම හා ස්ත්‍රී දුෂණය යන වැරදි සම්බන්ධයෙන් මේ වනවිට අවුරුදු 36ක පුද්ගලයෙක් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ස්ථීර රැකියාවක් හෝ ස්ථීර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
ඔහු වසර 18ක පමණ කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් යොදවා ගනිමින් ගණිකා ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බවට අනාවරණය වී වු බව පොලීසිය පවසයි. සැකකරු රැකියාවක් නොකෙරුව ද බැංකු ගිණුම් 8ක රුපියල් 45,681,905ක මුදලක් සැකකටයුතු ලෙස ගනුදෙනු වී ඇති බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
එම සැකකරු මීට පෙර මහනුවර හා ගම්පහ යන ප්‍රදේශවල ගණිකා නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි.
සැකකරු විසින් වාහන කුලියට දෙන ස්ථානවලින් කුලී පදනම මත ලබාගත් වාහන යොදා ගෙන කොළඹ ප්‍රදේශය ඉලක්ක කරගෙන ජංගම ගණිකා ජාවාරම් කටයුතු සිදුකර ඇති බවත් ඉහත සඳහන් කළ දැරියගේ මව ද ඒ ආකාරයෙන්ම ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයා ඇති බවටත් අනාවරණය වී තිබේ.
වාද්දුව ප්‍රදේශයේ දී පෙරේදා (21) දිනයේ දී අදාළ සැකකරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |