ප්‍රධාන දුම්රිය මාර්ගයක් වැසෙයි - දුම්රිය ධාවන කාලසටහනේ ද සංශෝධනයක්.

Sri Lanka Sri Lanka Railways Department of Railways
By krishani Dec 20, 2022 09:44 AM GMT
Report

අනුරාධපුර - වව්නියාව මාර්ගය මාස 5 ක කාල සීමාවක් වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ලබන වසරේ ජනවාරි මස 5 වනදා සිට එම මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ය.

ඒ අනුව අනුරාධපුර - වව්නියාව මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහනේ සංශෝධනයක් සිදුකර ඇත.

එයට අමතරව කන්කසන්තුරය සිට මුරුක්කණ්ඩි දක්වා ධාවනය වන යාල්රාණි දුම්රිය වව්නියාව දක්වා පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join