හෙට තමයි ඒ කීව දවස - අහසෙ මොකද දන්නව ද වෙන්නේ?.

Latest Headlines Decision Making
By krishani Mar 24, 2024 12:49 PM GMT
Report

හෙට (25) දිනයේ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බවට තොරතුරු වාර්තා වේ.

හෙට තමයි ඒ කීව දවස - අහසෙ මොකද දන්නව ද වෙන්නේ?. | A Lunar Eclipse 25Th March 2024

එය පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වේ.

නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ එය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට අවස්ථාව නොලැබෙන බවයි.

එමෙන්ම, මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවත් ශ්‍රී ලංකාවාසීන්හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙයි.

හෙට දර්ශනය වීමට නියමිත චන්ද්‍රග්‍රහණය ලාංකිකයන් ලෙස අපට දර්ශනය නොවුණ ද එය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වේ.