මියගිය ෂාෆ්ටර්ට කෝටි ගණනක අඟුරු චෙක් පත් දුන් ක්‍රීඩා විස්තර විචාරකයා ගැන හෙළි වූ රහස.
ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක බ්‍රයන් තෝමස් විසින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් 2017 වසරේදී ලබාගත් රුපියල් කෝටි 143කට අධික මුදලක් (රුපියල් 1,437,358,665ක්) වෙනුවෙන් අගරු චෙක්පත් 20ක් ලබා දී වංචාවක් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, ඇඟලුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා බව පවසමින්.
මෙම කරුණු අනාවරණය වුනේ, ෂාෆ්ටර් මහතාගේ මූල්‍ය ආයතනයක ගණකාධිකාරිවරියක් වන නාලිකා තුෂාරි කළුආරච්චි මහත්මිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ප්‍රකාශයත් සමඟයි.
දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව පැවැති සාක්ෂි විභාගයේදී ගණකාධිකාරිවරිය මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.
ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක් හා සම්බන්ධව ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යව ඇති බවත් එහි ප්‍රතිලාභ දිනේෂ් ෂාෆ්ටර් මහතාටත් ලබා දිය හැකි බවත් පවසමින් සැකකාර බ්‍රයන් තෝමස්, ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් එකසිය හතළිස් තුන් කෝටි හැත්තෑ තුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැට පහක මුදලක් ලබාගත් බව ද ඇය සඳහන් කළා.
එසේ ලබාගත් මුදල් වෙනුවෙන් බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර් ටට චෙක්පත් 20ක් ලබාදුන් නමුත් එම චෙක්පත් සියල්ලම අගරු වී තිබූ බව ද ඇය සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් ෂාෆ්ටර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2019 වසරේදී පැමිණිලි කළ බව ද කියා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සැරයන් විජිත රාජපක්ෂ (23972) පැමිණිල්ල මෙහෙයවා ඇත.
මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සැකකාර බ්‍රයන් තෝමස්ට එරෙහිව චෝදනා 20ක් යටතේ නඩු 7ක් ගොනුකර ඇති බව ද අධිකරණයෙන් හෙළි වී තිබෙනවා.
2022 වසරේ දෙසැම්බර් මාසයේදී බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී සිදුවූ අබිරහස් සිද්ධියකින් අනතුරුව දිනේෂ් ෂාෆ්ටර්ට මිය ගොස් සිටි අතර එම මිය යාම ඝාතනයක් බව ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වෛද්‍ය මණ්ඩලයක් මගින් තහවුරු කරනු ලැබුවා.