රෝහලක් භීතියට පත් කරමින් දිවියෙකු කඩා පනී - තැති ගත් පිරිස් වහා ක්‍රියාත්මක වී සිදුකළ දේ.. (VIDEO/PHOTOS)
India
Social Media
Latest Headlines
By Gagana
a year ago
ඉන්දියාවේ - මහාරාෂ්ට්‍රයේ නන්දුර්බාර් දිස්ත්‍රික්කයේ රෝහල් පරිශ්‍රයකට දිවියෙකු ඇතුළු වී තිබෙනවා.
එම සිදුවීමෙන් එහි රෝගීන් බියට පත් වී ඇත.
එම රෝහලේ සේවකයෙකුට ගොරවන හඬක් ඇසී පසුව සොයා බැලීමේ දී අණාවරණය වී ඇත්තේ එහි දිවියෙකු සිටින බවයි.
ඉන් අනතුරුව එම සේවකයා රෝහල් කාර්ය මණ්ඩලයට එය දන්වා ඇති අතර ඔවුන් දිවියා කොටු කිරීමට උත්සාහ කරමින් පසුපස දොර වසා දමා තිබෙනවා.

හිතුවෙවත් නැති විදිහට පාර්ලිමේන්තුවට දෙන්නෙක් කඩා පැනලා කළ දෙයක්.. පාර්ලිමේන්තුව දෙවනක් වෙලා සී සී කඩ මන්ත්‍රීවරුන් දිව යයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)
පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් වන ජීවි නිළධාරීන්ට ඇමතුමක් ලබා දී ඇති අතර වහාම එම ස්ථානයට වන ජීවි නිලධාරීන් පැමිණ තිබෙනවා.
පසුව දිවියා අල්ලා ගැනීමට ඔවුන් සමත් වූ අතර සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැත.
කෙසේ වෙතත්, එම සත්වයා දැක බලා ගැනීමට රෝගීන්ගේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් රෝහලෙන් පිටත රැස්ව සිට තිබෙනවා.
වීඩියෝ දර්ශන - ThePrint YouTube Channel