ආදරවන්තයින්ගේ දිනයක පෘථිවියේ්‍ මහා විනාශයක් කරන්න විශාල ග්‍රාහකයක් එයි.. හරියටම එන දවස මෙන්න..

Weather
By Aruna Mar 10, 2023 05:37 AM GMT
Report

2046 ආදරවන්තයින්ගේ දිනයේ දී (පෙබරවාරි 14) විශාල ග්‍රාහකයක් පෘථිවියේ ගැටිය හැකි බවට නාසා ආයතනය අනතුරු අඟවනවා.

මෙම ග්‍රාහකය පීසා හී ඇලවෙන කුලුන තරම් විශාලත්වයක් සහිත බවත් එය සම්පූර්ණ නගරයක් ම විනාශ කළ හැකි ප්‍රමාණයේ එකක් බවත් නාසා ආයතනය පවසා ඇත.

2023 පෙබරවාරි 28 මේ බව තහවුරු කර ඇති අතර, කෙසේ වෙතත් මෙම ග්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට පතිත වේ දැ යි යන්න තව ම නිගමනය කර නෑ.

නමුත් දැනට පුරෝකථනය කර ඇති පරිදි, මෙම ග්‍රාහකයේ බලපෑම ඉන්දියන් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා සහ බටහිරින් එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළ තීරය දක්වා විහිදිය හැකි බව සඳහන්.

මීට වසර 114කට පෙර සයිබීරියාවට කඩා වැටුණු Tunguska 12-megaton ග්‍රාහකය ද මේ හා සමාන බව වාර්තා වන අතර, අඩි 160ක් උස වූ එම ග්‍රාහකය විශාල නාගරික ප්‍රදේශයක් විනාශ කිරීමට ඉඩ තිබුණු නමුත් එය වනාන්තරයකට කඩා වැටී ගස් මිලියන 80කට වඩා විනාශ කළා.

'ඝට්ටනයක් නිසැකයි, එය අප දන්නා පරිදි, ගොඩබිමට හෝ සාගරයට බලපෑම් කළත් ශිෂ්ටාචාරයේ අනාගතයට තර්ජනයක් විය හැකි ගෝලීය දේශගුණික ව්‍යසනයක් ඇති කළ හැකි එකක්' බව ඇතැම් විද්‍යාඥයන් පවසනවා.

එවැනි සිදුවීම් සිදුවන්නේ සාමාන්‍යයෙන් වසර 100,000කට වරක් හෝ ඊට අඩු වාර ගණනක දී බව යි සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.